ව්‍යාපෘති කිහිපයක් හේතුවෙන් දෙරටේ සබඳතාවට හානි සිදු වීමට ඉඩ නොතබන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 18දා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර ඇත. අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාවේ දැනට ඇතැම් පක්ෂ චීන ආයෝජනය සහිත ව කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස නව රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
මේ පිළිබඳ ව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කරනු ලැබූයේ එම ව්‍යාපෘතිය පර්යේෂණ කිරීම සඳහා විශේෂ කමිටුවක් ස්ථාපිත කර ඇති බවයි. සිය නායකත්වය යටතේ කැබිනට් මණ්ඩලයේ කණ්ඩායමක් එම කමිටුවේ අවසාන වාර්තාවට අනුව කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ අවසාන තීරණය ගනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ විශාලත ම විදේශ ආයෝජනය සහිත ව්‍යාපෘතිය වන මෙම වරාය නගර වෘපෘතිය තුළින් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැකියා අවස්ථා 83000ක් පමණ නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.
SDF/CRI