අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
මෙම සංචාරයේ දී උතුරේ ධීවරයින්ගේ ප්රශ්නය පිළිබඳව ද සාකච්ඡා කළ බවත් සවිස්තරාත්මකව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දනුවත් කළ බවද අමාත්‍යවරයා පැවසී ය.
ඉන්දීය ධීවරයින් නිසා උතුරේ ධීවරයින් මුහුණපාන ගැටලු පිළිබඳව ද දැනුවත් කළ බව කී අමාත්‍යවරයා, ඉන්දීය හා ශ්‍රී ලංකා ධීවර ගැටලුව සාකච්ඡා කර විසදුමකට යෝජනා වූ බව පැවසී ය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඉන්දියාවේ දී ඉහළ පිළිගැනීමක් ලැබුණ බවත් එහිදී දෙරට අතර වැදගත් අවබෝධතා ගිවිසුම් හතරකට අපට අත්සන් කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසී ය.