මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමතිය ලැබී තිබේ.
ඒ අනුව,
ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව, ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව, ආයතන කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව, ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව සහ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ලෙස ස්ථාපිත කෙරේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 (2) ව්‍යවස්ථාව අනුව දෙපාර්තමේන්තු ප්‍රධානින් පත් කිරීමේ වගකීම අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී තිබේ.
වඩාත් සුදුසු පුද්ගලයින් එම තනතුරු සඳහා තෝරා ගත හකි වන පරිදි නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම ආයතන කටයුතු පිළිබඳව අනුකාරක සභාව වෙත පැවරේ.
මේ අනුව, අමාත්‍ය මණ්ඩලයේ ලේකම් විසින් යෝජිත නිලධාරීන් පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් සහ අදාළ පරිපාලන බලධාරයාගෙන් අදහස් විමසා ආයතන කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත වාර්තා කළ යුතු බව ද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.