වර්ෂ 1984 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ රෝහණ කීර්ති දිසානායක මහතා බදුල්ල ප්‍රාදේශීය උප දිසාපති, බදුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්, මහියංගනය ප්‍රාදේශීය ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්, ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ඌව පළාත් සභා ලේකම්, ඌව වෙල්ලස්ස ව්‍යාපෘති අධ්යක්ෂ, ඌව පළාත් මාර්ග අමාත්‍යාංශ ලේකම්, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්, මොණරාගල දිස්ත්‍රික් ලේකම් සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් යන තනතුරු හොබවමින් රාජ්‍ය සේවයට විශාල මෙහෙවරක් සිදුකළ දක්ෂ නිළධාරියෙකු වේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ග්‍රාමයෙහි ඉපිද සොරණාතොට ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ දිසානායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යා විශේෂ උපාධිධරයෙකු මෙන්ම ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයකුද වේ.
රෝහණ කීර්ති දිසානායක මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ පරිපාලනයට මෙන්ම ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ඉදිකිරීම ඇතුළු දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන් රැසකට පුරෝගාමී දායකත්වයක් ලබාදුන් පළපුරුදු රාජ්‍ය නිළධාරියෙකි.
MAP/SH_dmu_badulla