නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරීයබැද්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන්ට ස්ථිර නිවාස

    පෙබරවාරි 19, 2015

    මීරීය බැද්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන්ට ස්ථිර නිවාස ඉදිකරදීමට පියවර ගැනේ.

    ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත ඒ සඳහා පූනාගල කොස්ලන්ද මාර්ගයේ මකල්දෙනිය හන්දිය අසළ සුදුසු හෙක්ටයාර් දෙකක බිමි කොටසක්  වෙන් කිරීමට පියවර ගෙන තිබේ.

     

    වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී.තිගමිබරම් මහතාගේ ඉල්ලීම පරිදි වැවිලි අමාත්‍යාංශයේ දායකත්වයෙන් අදාළ බිමි කොටස නිවාස ඉදිකිරීම සඳහා වෙන් කර ඇත.

     

    එක් නිවසක් පර්චස් 7ක භූමි ප්‍රමාණයක ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් එම නිවාස ඉදිකිරීමට පෙබරවාරි 27 දින මුල්ගල තැබීමට කටයුතු කරන බව අමාත්‍ය පී.තිගම්බරම් මහතා පැවසී ය.

     

    මෙම යටතේ නිවාස 75ක් ඉදිකිරීමට නියමිතයි. නිවාස වලට අමතරව කිරීමට ළමා උද්‍යානයක් ද ඉදි කෙරේ. එමෙන්ම අදාළ ඉඩම්වල අයිතිය ඔප්පුවක් මඟින් එහි හිමිකරුවන්ට ලබාදීමට ද නියමිතය.

     

    පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වෙනිදා සිදු වු මිරිය බැද්ද නායයෑමෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගියේ ය. දැනට පවුල් 83 ක පුද්ගලයින් බණ්ඩාරවෙල, පූනාගල, මහකන්ද පරණ තේ කර්මාන්ත ශාලාවේ පිහිටා තිබෙන කඳවුරේ රඳවා සිටියි.

     

    අවතැන් ජනතාවගේ සුව දුක් විමසීමට සහ අදාළ ඉඩම නිරීක්ෂණය කිරීමට අමාත්‍ය පී.තිගමිබරම් මහතා සහ වැවිලි රාජ්‍ය අමාත්‍ය කේ. වෙලායුදන් මහතා කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya