නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට බිලියන 10ක්

    පෙබරවාරි 12, 2015
    මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වැය කරන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පැවසීය.
     
    වී මිලදී ගැනීම සඳහා තව දින පහකින් රුපියල් බිලියන 02ක මුදලක් මහ භාණ්ඩාගාරය මඟින් මුදා හැරීමට නියමිත බවත් අමාත්‍යවරයා ඊයේ (11) ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී පැවසීය.
     
    ලබන මාර්තු මාසය තුළ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 05කට ආසන්න මුදලක් වැය කරන අතර සිංහල අවුරුද්ද දක්වා ම වී මිලදී ගැනීම සිදු කරන බව ද හෙතෙම කියයි.
     
    දිස්ත්‍රික් ලේකම්වරුන්ට වී මිලදී ගැනීම සඳහා මුදල් නිකුත් කරන බවත් කී අමාත්‍යවරයා ලියාපදිංචි ගොවි සංවිධාන හරහා වී මිලදී ගැනීම කිලිනොච්චිය, අම්පාර සහ කුරුණෑගල දිස්ති‍්‍රක්කවලින් මූලිකවම සිදු කරන බවත් සම්බා කිලෝවක් රුපියල් 50.00ක මුදලකට ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
     
    මෙවර අයවැයෙන් දේශීය ගොවියා ආරක්ෂා කිරීමට වී සඳහා සහතික මිලක් නියම කොට ඇත. ඒ අනුව සම්බා වී කිලෝවකට රුපියල් 50.00ක ද, නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 44.00ක ද සහතික මිලක් නියම කර ඇත.
     
    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya