නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියකාරකම්වලට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමියගේ ප්‍රසාදය

    පෙබරවාරි 12, 2015
    කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියකාරකම්වලට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩි මහත්මිය ප්‍රසාදය පළ කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
     
    එතුමිය මේ බව සඳහන් කරන ලද්දේ කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කෙරෙන ඉදිරි කටයුතු පිළිබඳ ව සහයෝගය දැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමිය සමඟ ඊයේ (11) අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේදීය. උපදේශිකා චාලට් බ්ලුන්ඩෙල් මහත්මිය ද එම සාකච්ඡාවට සහභාගී විය. 
     
    දැනට අමාත්‍යාංශය විසින් කරන කටයුතු අතර ශ්‍රී  ලංකාවේ පොලිස් ස්ථානවල ක්‍රියාත්මක වන පොලිස් ළමා හා කාන්තා ඒකකවල සේවය කරන නිලධාරීන්ගේ විෂය දැනුම වර්ධනය කරලීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීම, ගෘහස්ත හිංසනය මඟහරවාගැනීම සඳහා සමස්ත සමාජයම බිම් මට්ටමේ සිට දැනුවත් කිරීම, පසුගිය තිස් වසරක යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර ඇතුළු දිව‍යිනේ විවිධ ප්‍රදේශවල පීඩාවට පත් වූ කාන්තාවන්ගේ හා ගෘහමූලික වැන්දඹු කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව ඇමතිතුමිය විසින් මෙහිදී විස්තර කරන ලදී. 
     
    එම ක්‍රියාකරකම් පිළිබඳ ව ප්‍රසාදය දැක්වූ මහ කොමසාරිස්තුමිය ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ඉදිරියේ දී ලබාදීමට සූදානම් බව පැවසූවාය. එමෙන්ම ලාංකික කාන්තාවන් මුහුණපාන ප්‍රශ්නවලට ලබාදිය හැකි විසඳුම් හා ඒවාට ඇයගේ පාර්ශවයෙන් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් ද මහ කෙමසාරිස්තුමිය අදහස් දැක්වූවාය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, අතිරේක ලේකම් (සංවර්ධන) අශෝකා අලවත්ත, ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර, ජාතික කාන්තා කමිටුවේ විධායක අධ්‍යක්ෂිකා අනුලා ඉන්ද්‍රාණි යන මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya