නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ජන සංහාරයක් සිදු වූ කතාව පිළිගන්න බෑ - ඇමති රාජිත සේනාරත්න

    පෙබරවාරි 12, 2015

    ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ජන සංහාරයක් සිදු වූ බව කියන කතාව පිළිගත නොහැකි බව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.


    උතුරේ සිදු වූ යැයි සැලකෙන ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට ජාත්‍යන්තරයට රජය ප‍්‍රකාශ කර ඇත. ජාත්‍යන්තරය ද ඊට එකඟ වී ඇතැයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබේ.

    ජන සංහාරයක් සිදු වූ බවට ප‍්‍රකාශ කළ හැක්කේ සිතාමතා සිදු කළ ජීවිත විනාශයන් සම්බන්ධයෙන් පමණි. යුද්ධයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය සාමාන්‍ය ජනතාව මිනිස් පළිහක් වශයෙන් යොදාගත්තේය. ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි පරීක්ෂණයක් පැවැත්වීමට එකඟවිය හැකිය. එහෙත් ජන සංහාරයක් සිදු වූ බව පිළිගත නොහැකි යැයි රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති හෙයින් ඒ සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවේ යෝජනාවක් සම්මත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

    උතුරු පළාත් සභාවට එහි ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරම් මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාව දෙමළ ජාතික සංවිධානයේ මන්තී‍්‍රවරුන් සියලු දෙනා ඒකමතිකව සම්මත කොට තිබේ. ඒ අනුව අදාළ යෝජනාව ඇතුළත් සංදේශයක් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට යැවීමට ද එහිදී තීරණය කොට තිබේ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya