නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහරගම, කොට්ටාව නව නගර සංවර්ධන සැලැසුම ක‍්‍රියාත්මක කිරිම කඩිනම් කෙරේ

    පෙබරවාරි 11, 2015

    මහරගම හා කොට්ටාව නගරයන් නව නගර නිර්මාණ සැලැසුම් යටතේ ක‍්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නාගරික සංවර්ධන අධිකාරි ශ‍්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණ.

    නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම්, මැතිතුමාගේ ප‍්‍රධානත්වායන් පැවැති මෙම සාකච්ඡාව සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රජපක්ෂ යන මහත්වරුන් ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
     
     
    මහරගම, කොට්ටාව කොළඹ දිස්ත‍්‍රික්කයේ සිඝ‍්‍රයෙන් වර්ධනය වන නාගරික නේවාසික ප‍්‍රදේශයක් සහ කාර්මික අංශයේ සීඝ්‍ර දියුණුවක් ඇති වාණිජ්‍යමය වටිනාකමක් ඇති නාගරික කලාපයක් ලෙස හඳුන්වා දිය හැක. එසේම දක්ෂිණ අධිවේගී මාර්ගය මෙම නගරික බල ප‍්‍රදේශ  හරහා වැටී ඇති හෙයින් සෑම ක්ෂේත‍්‍රයකම පෙර නොවූ විරූ ලෙස සංවර්ධනය වේගවත් වී ඇත. ඒ අනුව සීඝ්‍ර සංවර්ධනය ක‍්‍රමවත්ව හා විධිමත් ලෙස සිදු කිරීමට නගරික සංවර්ධන අධිකාරිය මේ වන විටත් කටයුතු යොදා ඇත. මේ වන විට කොට්ටාව නගරය මධ්‍ය සංවර්ධන සැලැස්ම කි‍්‍රයාත්මක වෙමින් පවතින අතර ඒ ආසන්නයේ ඉදිවන මාකුඹුර නව නගරය, මෙරට ඉදිවන නවීන පහසුකම් සහිත ජාතික තලයේ නගරයක් වනු ඇත. මෙහි ඉදිවන ගොඩනැගිලි අවම වශයෙන් මහල් 10  ඉක්ම විය යුතු අතර, බස්නැවතුම්පල හා දුම්රිය ස්ථානය ඒකාබද්ධ ස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම මගින් මහජන ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ නව සන්ධිස්ථානයක් වනු ඇත. මෙම නව නගරය ස්ථාපිත වීමත් සමගින් ඇති කෙරෙන නව නගර සැලැස්ම රථ වාහන තදබදයට පිළියමක් වනු ඇත.
     
     
    තවද මහරගම නගර සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් සිදු කරනු ලබන අතර මහරගම නගරයට දැඩි තදබදයක් ඇති කළ මහරගම සතිපොළ නව ස්ථානයක නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ නුදුරේදී ම දිනක ජනතා අයිතියට පත් වනු ඇත.  එසේම තලපත්පිටිය, මහරගම වැව ආදී ප‍්‍රදේශ හා ජල ආශ‍්‍රිත ස්ථාන සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් වැඩිදුරටත් සාකච්ඡා විය.
     
     
    මහරගම, හෝමාගම, කොට්ටාව යන නගර කොළඹ දිස්ත‍්‍රික්කයේ සීඝ්‍ර සංවර්ධනයට බඳුන් වී ඇති ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙන බවත් පසුගිය කාලයේ නිර්මාණාත්මක සංවර්ධන  ප‍්‍රවේශයක් තුළින් සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව ලැබී තිබෙන බවත් මෙම අවස්ථාවට එක්වූ රාවුෆ් හකීම් මහතා පැවසීය.
     
     
    එසේම මෙම ප‍්‍රදේශවලට ජන සංක‍්‍රමණය වැඩි වෙලා තියෙනවා. ඒ සඳහා අවධානය යොමු කර නාගරික සංවර්ධන අධිකාරිය සුදුසු භූමි භාගයන් උපයෝගී කරගෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන් ඉල්ලා සිටිනවා යනුවෙන් ද පැවසීය. 
     
     
    මෙහිදී මහරගම මධ්‍ය සංවර්ධන කටයුතු සිදුකිරීමේ දී මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ කඩිනම් දායකත්වය බලාපොරොත්තුවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූ අතර හකීම් ඇමතිතුමා පැවසූ පරිදි නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කර දින 100 වැඩපිළිවෙළ තුළ ආරම්භ කිරීමට කටයුතු යොදන ලෙසත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. 
     
     
    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප‍්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් නයන මාවිල්මඩ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya