අනුරාධපුර දිසාපති මහින්ද සෙනවිරත්න මහතා, දිස්ත්‍රික්කයේ සමාජ සේවා කටයුතු සිදුවන ආකාරය පිලිබද පැහැදිලි කිරිම් සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මේ අදහස් දැක්වීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් දැනට ප්‍රතිකාර ගැනිම සදහා පැමිණෙන වකුගඩු රෝගීන් ගේ සංඛ්‍යාව දස දහස ඉක්මවන බවත් වේගයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගය පාලනය කිරිමට අවශ්‍ය පර්යේෂණ කටයුතු සක්‍රීය කිරිමට ද බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය. එක් රෝගියකුට මසකට රුපියල් 3000 ක දිමනාවක් ලබාදීමට පියවර ගෙන ඇත.
එමෙන්ම මෙරට සිටින ආබාධිත පිරිස් සදහා රුපියල් 3000 ක මාසික දිමනාවක් ලබාදීමට නියමිතයි. මිට පෙර එක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් තෝරාගත් 50 දෙනෙකුට පමණක් මෙම දීමනාව ලබා දෙන ලදී. තවද එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් එක් ආබාධිත පවුලක් තෝරාගෙන එම පවුලට නිවසක් තනා දීමට ද සැලසුම්කර තිබේ.
මෙම සියලුම පහසුකම් සැපයීම සදහා අවශ්‍ය නිශ්චිත සංඛ්‍යා ලේඛන ප්‍රාදේශිය ලේකම් වරුන් හරහා කඩිනමින් ලබා ගැනීමට කටයුතු යොදා තිබේ.
සමාජ සේවා අමාත්‍යංශයේ අතිරේක ලේකම්, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ, වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් හා සමාජ සේවා නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට රැස්වූ බව අනුරාධපුර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
MAP/SB_dmu_anu