නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ජීවනෝපාය සංවර්ධනයට එ.ජා. අරමුදලින් අතහිත

    පෙබරවාරි 12, 2015

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ දායකත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙහි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබන ජීවනෝපාය සංවර්ධන වැඩ සටහනේ මුල්‍ය චෙක්පත් ලබා දීම පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක් ලෙස ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය යටතේ සුළු පරිමාණ ව්‍යවසායකයින් නගා සිටු වීම සිදු වේ. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05ක කුඩා පරිමාණ ව්‍යවසායකයින් වෙත මෙම මූල්‍ය දායකත්වය ලබා දීම සිදු විය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි සේවයේ නියුතු නිලධාරීන් අදාළ ව්‍යවසායකයින් තේරූ අතර එවැනි ව්‍යවසායකයින් 07 දෙනෙකු වෙත මෙම මුල්‍ය අනූග්‍රහය හිමි විය.

     

    ඒ අනූව වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායකයින් තිදෙනෙකුට ද, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායකයින් දෙදෙනෙකුට ද, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් අයෙකුට සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් ව්‍යවසායකයෙකුට ද මෙසේ මුල්‍ය චෙක් පත් ප්‍රදානය කිරීම නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම් අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

     

    මෙම ව්‍යවසායකයින් අතර ගව පාලනය, ඇඳුම් මැසීම, මිරිස් ඇඹරුම් යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ බුලත් විට සැකසීම වැනි කුඩා පරිමාණ ව්‍යවසායකයින් සීටීම විශේෂිත වේ.
    MAP/SH_dmu_N'eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya