පාර්ලිමේන්තු ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ දී ඊයේ (10) මේ කණ්ඩායම ඇමැතිවරයා හමු වූහ.
ඉන්දියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති බාල බාෂ්කර රාඕ, ලේකම් අරුත් ෂර්මා ඇතුළු හය දෙනෙකු මෙම කණ්ඩායම නියෝජනය කළහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ එරට මාධ්‍යවේදීන් දැඩි අවධානයකින් සිටින බව ප්‍රකාශ කළ මාධ්‍ය කණ්ඩායම මෙරට වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කළහ.
දෙරට මාධ්‍යවේදීන් හුවමාරු කරගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ අතර එමඟින් අපගේ මාධ්‍යවේදීන්ගේ පර්යේෂණ කටයුතු සහ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීමට දායක වන බවද ඉන්දියානු මාධ්‍ය කණ්ඩායම ප්‍රකාශ කළහ.
ඔවුන් මෙරට සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය සහ වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහත්වරුන් හමුවීමට නියමිත අතර ත්‍රීකුණාමලයේ සංචාරයක ද නිරත වෙති.
ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය
රාමනායක, ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දයා පෙරේරා සහ විදේශීය ලේකම් අනිල් පෙරේරා මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.
DB