ශ්‍රී ලංකා නව රජයේ නව වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය මාසයේ දී හියුගෝ ස්වයර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය සමරවීර මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වූහ.
මෙහිදී තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කළ අමාත්‍යවරු දෙදෙනා දෙරට අතර ඉහළ පෙල සංචාර, ආර්ථික වර්ධනය සහ තාක්ෂණික සහයෝගය සහ මානව හිමිකම් ගොඩනැංවීමේ සහය ඇතුළු ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව ද සාකච්ඡා කළහ.
බ්‍රිතාන්‍යයේ සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ද සංචාරය කිරීමට නියමිත අතර එහිදී හෙට දිනයේ (12) එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.
SDF