බ්‍රිතාන්‍යය සංචාරයෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අමෙරිකාවේ ද සංචාරයක නිරත වීමට නියමිතය.
පසුගියදා දිවයිනට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මියගේ ආරාධනයකට අනුව ඔහු මෙම සංචාරයේ නිරත වීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යවරයාගේ එම සංචාරය තුළ දී අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
DB