තම ජීවිත පැවැත්ම සඳහා තමන්ට කියා ස්ථිර බිම් කොටසක් අවැසි එහෙත් මෙතෙක් තමන් සතු ස්ථිර ඉඩමක් නොමැති ජනතාවට බිම් කඩක ස්ථිර අයිතිය ලබා දීමේ කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරේ.
මෙහි පළමු අදියර වශයෙන් අද (09) වන දින ත‍්‍රීකුණාමලය ශ‍්‍රී විවේකානන්ද විද්‍යාලයේ දී බලපත‍්‍ර 1200ක් සහ හෙට (10) වෙනි දින ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී බලපත‍්‍ර 2850ක් බෙදා දීමට සැලසුම් කර ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ දී තවත් ඉඩම් බලපත‍්‍ර හා දීමනා පත‍්‍ර 25,950ක් ප‍්‍රතිලාභීන් අතර බෙදා දීමට නියමිතය.
ඉඩම් අමාත්‍යංශය සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක‍්‍රියාත්මක කෙරෙන මෙම වැඩ සටහන රජයේ කඩිනම් සංවර්ධන වැඩ සටහන "දින 100 ව්‍යාපෘතිය" යටතේ රජය මහජනතාවට ලබා දුන් මූලික පොරොන්දුවක් ඉටු කරනු වස් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය අයි.එච්.කේ. මහානාම මහතා පවසයි.
ECB/DM