නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති වැඩ භාර ගනී

    පෙබරවාරි 06, 2015
    මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තනතුර සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පත් කර ඇත.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පසුගියදා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේදී මෙම පත්වීම සිදු කර ඇති අතර මහාචාර්යවරයා විසින් සුභ මොහොතින් සිය රාජකාරී ආරම්භ කිරීම පෙබරවාරි 02 වනදා පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී නිලධාරීන්, හිතවතුන් ඇතුළුව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හා මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඣායනා මාධ්‍යයේ සිදුකරන ලදි.
     
    කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශණ අධ්‍යයනාංශයේ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සඡ්ඣායනා පැවැත්වුහ.
     
    නිල වශයෙන් රාජකාරී ආරම්භ කළ පසුව සිය කාර්යය මණ්ඩලය ඇමතූ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ප්‍රකාශ කර සිටියේ මෙය රටට සේවය කිරීම සඳහා තමන්ට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් බවයි. තමන් ගැන විශ්වාසය තබමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තනතුර තමන් වෙත ලබාදුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට තමන් ස්තූති කරන බව පවසමින් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ මෙරට පරිසර සංරක්ෂණය වෙනුවෙන් මෙන්ම ජාතික සංවර්ධන කාර්යය සඳහා ද සුවිශේෂී කාර්යය භාරයක් කළ හැකි ආයතනයක් බවයි. විශ්වවිද්‍යාල ප්‍රජාවට ද සුවිශේෂී අවස්ථාවක් ලබා දෙන ලද නව තනතුරක් ලෙස මෙය සැලකෙන බව ද හෙතෙම පැවසීය.
     
    පාරිසරික විෂය ක්ෂේත්‍රයේ දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද අත්දැකීම් ලබා ඇති මහාචාර්යවරයා පාරිසරික ක්ෂේත්‍රය සම්බන්ධ පර්යේෂණ කටයුතුවලද නිරත වෙමින් ලබා ඇති අත්දැකීම් මෙම තනතුර සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත.
     
    නව සභාපතිවරයා තම රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති විජයවන්ත ප්‍රතාපසිංහ, නව අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි, ජාතික පරිසර සභාවේ සභාපති ජගත් ගුණවර්ධන ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන් සමඟ ඒ මහතාගේ පවුලේ හිතවතුන්, ඥාති මිත්‍රාදීන් විශාල පිරිසක් සමඟ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වුහ.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya