නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල් රාජකාරි අරඹයි

    පෙබරවාරි 06, 2015
    නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් රංජිත් ප‍්‍රනාන්දු සහ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස නයන මාවිල්මඩ මහත්වරු නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් පත් කර ඇත.
     
    පසුගිය සමයේ මෙරට සංවර්ධන ක්ෂේත‍්‍රයේ වැඩිපුරම අවධානයට ලක් වූ ආයතනයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය හැඳින්විය හැකිය. පසුගිය කාල පරිචඡේදයේ නාගරික සංවර්ධන අධිකාරිය කි‍්‍රයාත්මක කරනු ලැබූ සංවර්ධන වැඩසටහන් හා යෝජිත සංවර්ධන වැඩසටහන්, නව රජය යටතේ විනිවිදභාවයකින් යුක්තව සොයා බලා ජනතා හිතවාදී අයුරින් නව සංවර්ධන ප‍්‍රවේශයකින් කි‍්‍රයාත්මක කිරීමට අභිනවයෙන් පත් වූ මෙම නව සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩ ආරම්භ කරමින් ප‍්‍රතිඥා දී තිබේ.  
     
    නව සභාපති ලෙස පත්වූ රංජිත් ප‍්‍රනාන්දු මහතා, ලංකා විශ්වවිද්‍යාලයේ නීතිඥ විභාගය මෙන් ම ඇටර්නි විභාගය ද සමත්ව ඇති අතර, දෙස් විදෙස් බැංකු ක්ෂේත‍්‍රයන් ගණනාවක විධායක තනතුරු හොබවා ඇති අතර කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වරක්  කටයුතු කර ඇත. තවද පුද්ගලික අංශයේ සභාපති හා අධ්‍යක්‍ෂක ධුරයන් ගණනාවක් ද හොබවා ඇත.
     
    නව අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස පත්වූ නයන මාවිල්මඩ මහතා, ආසියානු සංවර්ධන බැංකුවේ නාගරික සංවර්ධන විශේඥවරයෙකු සහ උපදේශකයෙකු ලෙස  ඉහළ නිලතල හොබවා  නායකත්වය ලබා දෙමින් නාගරික සංවර්ධනය පිළිබඳ ප‍්‍රාමාණික විද්වතෙක් ලෙස කටයුතු කර ඇති අතර නාගරික සංවර්ධන අධිකාරියට සම්බන්ධවීමට පෙර යෝර්ක් ස්ටී‍්‍රට් පාර්ට්නර් ආයෝජන උපදේශක ආයතනයේ  කළමණාකරණ අධ්‍යක්‍ෂ ලෙසත්, සංවර්ධන උපදේශන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක ලෙසත් කටයුතු කර තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya