ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන හා ඉංජිනේරු තාක්ෂණ විෂයයන්ට අදාළව නව ගුරුවරුන් 125 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (06)අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන අතර සංවර්ධනය කරා යන ගමන සාර්ථක වන්නේ රටේ වටිනාම සම්පත වන මානව සම්පත් දියුණු කිරීමෙන් බවත් නව රජය ඒ සඳහා සුවිශේෂි අවධානයක් යොමු කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම නවක ගුරුවරුන් තමන්ගේ විෂය ක්ෂේත‍්‍රයට අදාළව කටයුතු කළ යුතු අතර එහිදී නව අදහස්වලින් පිරිපුන් විචාරශීලි ගුරුවරයෙක් නිර්මාණය වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
උපාධිධාරීන් ශාරීරික අධ්‍යාපන ගුරු පත්වීම් හා තාක්ෂණවේදී විෂය ධාරාව ඉගැන්වීම සඳහා ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාධාරී ගුරු පත්වීම් මෙහිදී ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන්, විෂය භාර අධ්‍යක්ෂවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
DB