මොනරාගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලෙස ඩී.එස්. පත්මකුලසූරිය මහත්මිය පත් කර ඇත. මොනරාගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ ඒ. පතිනාදන් මහතා උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට පත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුරට පත්මකුලසූරිය මහත්මිය පත්කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
දකුණු පළාත් ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ පත්මකුලසූරිය මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි. 2003 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I පන්තියට උසස්වීම් ලබා ඇති ඒ මහත්මිය 2007 සිට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට ද උසස්වීම් ලබා ඇත.
NDH