නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව නව ආණ්ඩුකාරවරයා රාජකාරි ආරම්භ කරයි

    පෙබරවාරි 06, 2015
    සබරගමුව පළාතේ නව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඊයේ (05) රත්නපුර පළාත් සභා සංකීර්ණයේ දී සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.
     
    ඊයේ (05) සිය නිල රාජකාරි ආරම්භ කළ සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා සබරගමුවේ නවවන ආණ්ඩුකාරවරයා වේ.
     
    සිය රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවති, පළාත් සභාවේ නිලධාරීන් ඇමතීමේ  උත්සව අවස්ථාවට ද නව ආණ්ඩුකාරවරයා එක්ව සිටියේ ය.
     
    "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මා පිළිබඳව පූර්ණ විශ්වාසය තබා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස මාව පත් කළ බවත් එම විශ්වාසය ආරක්ෂා කරමින් සබරගමුව පළාතට සේවය කරන්න අපේක්ෂා කරන බවත් එම අවස්ථාවේ දී සබරගමුව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න , වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා, සබරගමුව පළාත් විපක්ෂ නායක තුසිතා විජේමාන්න , ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න , ආණ්ඩුකාර ලේකම් විජිත බණ්ඩාර ඒකනායක, දයා පෙරේරා යන මහත්ම මහත්මීන් සහ පළාත් සභා මැති ඇමතිවරු ද එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya