නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරීන් සංඛ්‍යාව ඉහළට

    පෙබරවාරි 06, 2015
    අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගැනීම සඳහා  අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරීන් සංඛ්‍යාව 50 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. 
     
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
     
    මෙම විමර්ශන ඒකකය ඉදිරියේ දී අතිරේක ලේකම්වරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වේ.
     
    විශේෂයෙන් ජාතික පාසල් හා අනෙකුත් පාසල්වල පවත්නා ගැටළු හා පැමිණිලි මෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අදාළව පොදු මහජනතාවට පවත්නා සියලූ පැමිණිලි මෙම විමර්ශන ඒකකය වෙත ඉදිරිපත් කළ හැකිය. 
     
    ඒ සඳහා 1988 අංකය ඔස්සේ හෝ විමර්ශන ශාඛාවේ 011- 2785070 දූරකතන අංකය අමතා අදාළ පැමිණිලි ඉදිරිපක් කළ හැකිය.
     
    අතිරේක ලේකම් (පාලන හා මුදල්), විමර්ශන ඒකකය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට තැපැල් මගින් අදාළ ගැටළු ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. 
     
    KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya