වන සංරක්ෂණ ව්‍යාපෘති වඩාත් විධිමත් ලෙස සිදු කිරීමටත් විශේෂ අධික්ෂණය යටතේ එම ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමටත් මෙහිදී අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලැබිණි. එමෙන් ම විශේෂ පාරිසරික කලාප ආශ්‍රිත ව අනවසරයෙන් සිදුකරන ඉදිකිරීම් සම්බන්ධව ද මෙහි දී විශේෂ අවධානයට ලක් විය.
ශ්‍රී පාද වන්දනා සමය තුළ සිදුවන පාරිසරික හානි සහ වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රජා සෞඛ්‍ය කටයුතු පිළිබඳව මෙහි දී නිලධාරීන් දැනුවත් කෙරිණි. අධික මිල ගණන් යටතේ සිදු වන පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානයට ලක් වූ අතර පසුගිය කාල සීමාවේ දී දිවයින පුරා පැවති අධික එළවළු මිල ගණන් මේ වන විට ශීඝ්‍රයෙන් පහත බැසීම නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවත් අමරසේකර මහත්මිය සඳහන් කළාය.
NDH/SH-dmu nuwaraeliya