මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා ඉල්ලුම අනුව අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම රජයේ වගකීමක්

    පෙබරවාරි 03, 2015
    ලෝකයේ  ඕනෑම සංවර්ධිත රටක් ඒ තත්ත්වය උදාකරගෙන ඇත්තේ කාර්මික අධ්‍යාපනය වැඩිදියුණු කිරීමෙන් බවත්  රැකියා ඉල්ලුම සොයා බලා රටේ අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම රජයේ වගකීමක් බවත් තරුණ කටයුතු අමාත්‍ය, නිරෝෂන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.
     
    එවන් ක‍්‍රමයක් තිබුණා නම් "රැකියා දියව්" යනුවෙන් උද්ඝෝෂණ කරමින් උපාධිධාරීන් ලිප්ටන් වටරවුමට යන්නේ නැති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 
     
    මැටියගනේ දොන් බොස්කෝ වෘත්තීය පුහුණු ආයතනයේ සහතික ප‍්‍රදානෝත්සවයේ දී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. මෙහිදී සිවිල් ඉංජිනේරු පාඨමාලාව හැදෑරූ 37 දෙනෙකුට හා පරිගණක පුහුණු පාඨමාලාව හැදෑරූ 82 දෙනෙකුට සහතික පත‍්‍ර ප‍්‍රදානය කරන ලදී. 
     
    "අපේ රටේ කාර්මික අධ්‍යාපන ආයතන කාලයක් තිස්සේ තම තමන්ට ආවේණික සහතික පත‍්‍ර ප‍්‍රදානය කළා. ඒ නිසා රැකියා සපයන ආයතන සමහර සහතික ප‍්‍රතික්ෂේප කිරීමත්, සමහර සහතිකවලට වැඩි කැමැත්තක් දැක්වීමත් සිදුවුණා. තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හරහා ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් ක‍්‍රමය ඇතිකිරීමත් සමඟ රජයේ සහ පෞද්ගලික අංශයන්හි එකම විෂය නිර්දේශයකට උගන්වා එකම සහතික පත‍්‍රයක් නිකුත් කිරීම සිදුවෙනවා. මෙය  කාර්මික අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වාදෙන්න පුළුවන්. 
    මෙසේ  NVQ මට්ටම් හරහා උපාධියක් දක්වා යාමේ අවස්ථාවක් සැලසී තිබෙනවා. මේ සඳහා රත්මලානේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිහිටුවා තිබෙනවා". 
     
    "තාක්ෂණ විෂය ධාරාව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළට හඳුන්වාදීම කාර්මික අධ්‍යාපනය සම්බන්ධයෙන් ගනු ලැබූ වැදගත්ම පියවර ලෙස හඳුන්වාදෙන්න පුළුවන්. මේ මගින් උසස් පෙළට 52% ක් තෝරා ගත් කලා විෂය ධාරාව 26% දක්වා අඩුකර එහි ඉතිරි 26%ක් තාක්ෂණ විෂය ධාරාවට යොමුකිරීමට සැලසුම් කර තිබෙනවා. කලා උපාධිධාරීන්ට අපේ රටේ රැකියා පිළිබඳ ප‍්‍රශ්නයක් තිබූ බව අපි පිළිගත යුතුයි. නමුත් එයට අදාළ උපාධිධාරීන් වගකිව යුතු නොමැති බවත් අපි පිළිගත යුතුයි. රැකියා ඉල්ලුම සොයා බලා රටේ අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම රජයේ වගකීමක්. අපේ රටේ එවන් ක‍්‍රමවේදයක් තිබුණා නම් "රැකියා දියව්" යනුවෙන් උද්ඝෝෂණය කරමින් උපාධිධාරීන් ලිප්ටන් වටරවුමට යන්නේ නැහැ".
     
    කාර්මික අධ්‍යාපනයේ ඍජු ප‍්‍රතිලාභ හිමිවන්නේ මේ රටේ තාරුණ්‍යයට බව විවාදයක් නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා රටක තාරුණ්‍යයේ ගමන් මඟ ඒ රටේ අනාගතයට ඍජුවම බලපාන බැවින් රජයේ අවධානය ඒ සඳහා යොමු වී තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය. 
     
    දොන් බොස්කෝ ආයතනයේ විදුහල්පති නීල් බුලත්සිංහල, අධ්‍යක්ෂ ශිරාන් කරව්ගොඩගේ, පීඨාධිපති ඇන්තනී ප‍්‍රනාන්දු යන පියතුමන්ලා ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya