ඒ මහතා මේ බව අවධාරණය කර සිටියේ, අම්පාර දිස්ත‍්‍රික්කයේ කල්මුණේ නාගරික බල ප‍්‍රදේශයේ පානීය ජල ගැටලු හා කල්මුණේ නගර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ව සොයා බැලීම සඳහා පසුගියදා කල්මුණේ නගර සභාවේදි පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගිවෙමිනි. මෙම සාකච්ඡාව, අම්පාර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසීම්, ප‍්‍රාදේශීය සභාවේ සභාපති එම්.එස්.ඒ. වාසිත්, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි එස්. ජයසිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
කල්මුණේ නගරය විධිමත් සැලසුමක් යටතේ නවීකරණය කිරීම, අවිධිමත් ලෙස පවතින පැරණි ගොඩනැගිලි විධිමත් අයුරින් නවීකරණය කිරීම සඳහා අදාළ ව්‍යාපාරිකයන්ට පැවරීම හෝ ඒවා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගනිමින් නවීකරණය කිරීම සඳහා යෝජනා වූ අතර අවිධිමත් අයුරින් ඇති නගරයට පිවිසුම් මාර්ග නිවැරදි සැලැස්මක් යටතේ සකස් කිරීම, නගරයේ පවතින අවධිමත් සැලසුම් හේතුවෙන් නිරන්තරයෙන් මුහුණපාන ගංවතුර තර්ජන සඳහා ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මාර්ග ජලයෙන් යටවීම වළක්වා ගැනීම සඳහා ජල බැසයාමේ පද්ධතිය නිවැරිදි සැලසුම් සකස් කිරීමටත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.
පිරිසිදු පානීය ජලය නොමැති කමින් මෙම ප‍්‍රදේශයන් හි විශාල ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් වකුගඩු රෝගීන් බවට පත්ව ඇත්තේ නිසි පරිදි පිරිපහදු කළ ජලය නොමැති කමින් බැව් අවධාරණය කළ අමාත්‍යවරයා ජනතාව පිරිසිදු පානීය ජලය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදුනි.
මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් පෙන්වා දුන්නේ විශේෂයෙන් සැකසූ විධිමත් නව නගර සංවර්ධන සැලැස්මක් යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කරන බවය.
එම අවස්ථාවට කල්මුණේ නගර සභාවේ සභාපති, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණඩලයේ ඉංජිනෙරුවරුන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
DB