නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය අංශයට වැටුප් සංශෝධනයක්

    ජනවාරි 29, 2015
    රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම දින 100 වැඩසටහනෙහි ප්‍රධානතම යෝජනාවක් වන බවත් රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප් වැඩිවීම රුපියල් 10000කින් වැඩි කිරීමේ පොරොන්දුව සාක්ෂාත් කරමින් එහි ආරම්භ පියවරක් ලෙස රුපියල් 5000ක් පෙබරවාරි මාසයේ සිට ලබාදෙනු ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) පාර්ලිමේන්තුවේ දී ය.
     
    "මිලියන 1.3කට වැඩි ස්ථීර රාජ්‍ය සේවකයන් ජනවාරි මාසයේ වැටුපට රුපියල් 3000ක් අතිරේක දීමනාවක් ලෙස ලබා ගත්තා. එම රජයේ සේවකයන්ගේ පෙබරවාරි මස වැටුපට තවත් රුපියල් 5000ක් එකතු වනවා. එමෙන් ම ඉතිරිය ජුනි මාසයේ දී ලබා දීමට කටයුතු කරනවා. ඒ අනුව අප ඉදිරිපත් කළ පොරොන්දුව ඒ ආකාරයෙන් ම ඉටු කරනවා".
     
    ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ට ලබාදුන් විශාලතම වැටුප් වැඩිවීම ලෙස වාර්තාගත වනු ඇති බවත් රටේ පාරිපාලනය මෙහෙයවන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් මෙවැනි වැටුප් වැඩිකිරීමක් ලබාදීමට හැකිවීම සතුටක් බවත් ඒ මහතා පැවසීය.
     
    මීට අමතර ව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප රුපියල් 2500කින් වැඩිකිරීමට සලකා බලන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියේය.
     
    2015 අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000කින් විශ්‍රාම වැටුප ද වැඩිකිරීමට කටයුතු කෙරෙන අතරම මෙම ප්‍රතිලාභය 550,000ක් වන විශ්‍රාමිකයන් පිරිසකට හිමි වේ. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 4900ක් අතිරේක වශයෙන් වැය වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya