ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
දැනට පවත්වාගෙන යන කැසිනෝ සඳහා බදු සහන ලබා නොදෙන බවත් එම කැසිනෝ එක් ප්‍රදේශයක ස්ථානගත කරන බවත් ඒ මහතා අවධාරණය කළේය. සියලුම කැසිනෝ එකම ස්ථානයකට ගෙන ඒමට නව රජය ද අදහස් කරන අතර හිටපු රජය යෝජනා කළ පරිදි කැසිනෝ හා විනෝදාත්මක මධ්‍යස්ථාන පුත්තලමේ දූපතක ස්ථානගත කරන්නේ ද කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතම ඒ සඳහා යොදා ගන්නේ ද යන්න අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රජිත අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම කරුණුවලට බාහිරව බලපත්‍ර රහිතව කැසිනෝ පවත්වාගෙන යන කැසිනෝ හිමියන්ට හා ඒ සඳහා ගොඩනැඟිලි සපයන්නන්ට විරුද්ධව නඩු පවරන බව ද ඔහු පවසා සිටියේය.
SDF