අද (29) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව පැවසීය.
දියුණු රටවල් විසින් අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.3%ක් වෙන් කරනු ලැබුව ද ආසියානු රටවල මෙම අනුපාතය 2.9%ක සාමාන්‍ය අගයක් ගනී. එහෙත් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාව වියදම් කරනුයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක් පමණ වේ.
මීට අමතරව 2015 ජුනි මාසයේ සිට මහපොළ මාසික ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 5000ක් දක්වා වැඩිකිරීමට ද කටයුතු කොට ඇත.
අධ්‍යාපනය සඳහා වූ ඉහළ වියදම් තුළින් රටෙහි සියලු දරුවන්ට අධ්‍යාපනය සඳහා සම අවස්ථා සැපයෙන් අතර එමගින් මානව ප්‍රාග්ධන සංවර්ධනයෙහි මට්ටම ඉහළ යනු ඇත.