නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනය තුළ රැකියාභිමුඛ විප්ලවීය වෙනසක් සිදු කරනවා -අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

    ජනවාරි 30, 2015

    අනාගතයේ දී අධ්‍යාපනය තුළ රැකියාභිමුඛව සහ දැනුම්පාදකව විප්ලවීය වෙනසක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    තාක්ෂණවේද විෂය ධාරාව ආරම්භ කර ඇති පාසල් 255ක විදුහල්පතිවරුන්ගේ සාකච්ඡාවක් ඊයේ (29) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    අධ්‍යාපන ක්ෂ්‍රේත්‍රයේ නිවැරදි තීන්දු තීරණ ගැනීමේ වගකීම් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පැවරී තිබෙන බව පෙන්වා දුන් ඔහු පසුගිය කාලයේ දූෂිත ආයතන අතර ඉහළින් සිටි අධ්‍යාපන ක්ෂේත්‍රය ඉන් මුදවා ගැනීමට කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

     

    තාක්ෂණවේදි විෂය ධාරාව පාසල් මට්ටමට හඳුන්වාදීම කවර රජයකින් සිදු කළ ද එය යුගයේ අවශ්‍යතාවක් බවත් එහි අඩුපාඩු හඳුනාගනිමින් දරුවන් වෙනුවෙන් එය ක්‍රියාත්කම කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට රාජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පී. රාධක‍්‍රිෂ්ණන් මැතිතුමා, අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ, රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඩී. නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    PD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya