ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) පාර්ලිමේන්තුවේ දී අතුරු අයවැය ඉදිරිපත් කරමිනි.
මීට අමතර ව බෝග වර්ග කිහිපයක් සඳහා සහතික මිලක් ලබාදීමට කටයුතු කෙරේ.
ඒ අනුව වී සඳහා රුපියල් 50ක්, අර්තාපල් සඳහා රුපියල් 80ක්, තේ දළු සඳහා රුපියල් 80ක් සහ රබර් සඳහා රුපියල් 350ක සහතික මිලක් ලැබෙනු ඇත.
මීට අමතර ම සහනදායි මිලකට අත් ට්‍රැක්ටර් ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.
මෙම සියලු කටයුතු සිදු කිරීම සඳහා රුපියල් මිලියන 2500ක් පමණ වැය කිරීමට අපේක්ෂා කෙරේ.