නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැදුරු ඔය ජලාශයේ මිරිදිය ධීවර කර්මාන්තය ඇරඹේ

    ජනවාරි 27, 2015

    දැදුරු ඔය ජලාශය තුළ මිරිදිය ධීවර කර්මාන්තය ඇරඹීමට කටයුතු කරන බව කුරුණෑගල ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී ඩබ්ලිව්.සී.ජයවීර මහතා පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ප්‍රකාශ කළේය.

    මෙම ධීවර කටයුතු සඳහා වාරියපොල, ගනේවත්ත සහ මහව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ධීවරයින් 75 දෙනෙකු බැගින් තෝරාගෙන ධීවර සමිතියක් පිහිටුවා ධීවර කර්මාන්තය විධිමත්ව කරගෙන යාමට කටයුතු කෙරේ.

     

    මේ සඳහා ධීවරයන් තෝරා ගැනීමේ දී අවතැන් වූ පිරිස් වලටත්, වැලිගොඩ දැමීම වැනි ස්වයං රැකියා අහිමි වූ පිරිස් වලටත් ප්‍රමුකත්වය ලබා දීමට නියමිතය.
    MAP/AK_dmu_kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya