මෙම සාකච්ඡාව මහජන සාමය ආපදා කලමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති වූ ජියෑන් හූ (WU JIANG HAO) මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා දින 100 ඇතුලත ජනතාවට කඩිනම් සහන වැඩපිළවෙලක් සහ දීර්ඝකාලීන වැඩපිළවෙලක් ලෙස මෙම ගොඩනැංවීම ක්‍රියාවට නංවන බවයි. මේ යටතේ කඩිනම් සහන ලෙස නිවාස හානි වූ ජනතාවගේ නිවාස ගොඩනගා ගැනීම සඳහා එක් නිවසක් සහා රුපියල් විස්පන්දහසක මූලික පරිත්‍යාගයක්ද ඇස්තමේන්තු අනුව නිවාසලාභින්ගේ දායකත්වයද සැලකිල්ලට ගෙන ඉතිරි මුදල් ලබා දීමේ ක්‍රමවේදයක්ද සැකසීමට කටයුතු කරන බවයි. චීන රජයෙන් ලැබෙන රුපියල් මිලියන 400 පමණ වූ ප්‍රතිපාදන යොදාගෙන නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන ගොඩනැගිලි ද්‍රව්‍යද ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ගංවතුරෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට නිරන්තරයෙන් සිදුවන ආපදාවන් වලක්වා ගැනීම සඳහා දීර්ගකාලීන වැඩපිලිවෙලක් සකස් කොට ආපදා කලමනාකරණ ලේකම් වෙත ලබා දෙන ලෙස පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුණි.
මෙම සාකච්ඡාවට ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී.තෙන්නකෝන්, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් එල්.බී.ආර්.මාර්ක්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පී.එච්.ඒ.විමලවීර මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක් වූහ.
MAP/WK_dmu_polonnaruwa