නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සාමාන්‍ය පෙළින් පසු" වැඩමුළුව ජනවාරි 30 දා ගම්පහ දී

    ජනවාරි 27, 2015

    2014 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ගම්පහ දිස්ති‍්‍රක්කයේ දරු දැරියන් වෙනුවෙන් පවත්වනු ලබන "සාමාන්‍ය පෙළින් පසු" වැඩමුළුව 2015 ජනවාරි 30 වැනිදා පෙ.ව8.30 සිට ප.ව 1.30 දක්වා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

    මෙම වැඩසටහන ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හා මිනිස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කෙරේ.

     

    සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් තුළ ධනාත්මක ආකල්ප ඇති කිරීමත්, රැකියා වෙළෙඳ පොළට ගැලපෙන පරිදි උසස් පෙළ විෂය ධාරාව තෝරා ගැනීම සහ අනාගතය සාර්ථක කර ගැනීමට ඇති විකල්ප අධ්‍යාපන හා පුහුණු අවස්ථා පිළිබඳව අවශ්‍ය මගපෙන්වීමත් මෙම වැඩසටහන මගින් ලබා දීමට නියමිතය.

     

    මෙම වැඩසටහන මගින් දරු දැරියන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට උදාවන මහඟු අවස්ථාවක් වන බැවින් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දිස්ත්‍රික්කයේ සියලු දරු දැරියන්ට මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනා කරන අතර ඔවුන් සඳහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය සැපයීමද මෙහිදී සිදු කරන බව ගම්පහ සහකාර දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.පී.පී.ඉන්දික මහතා පවසයි.
    MAP/dmu_gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya