මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච්. ඩයස් සහභාගී වූ අතර යුද හමුදා සාමාජිකයන් මෙන්ම ආධුනික සෙබළුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් රැසක් ද මීට එක්ව සිටියහ.
මෙම කණ්ඩායම 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ උපදේශකයන් යටතේ මූලික පුහුණුව හැදැරූ අතර සියලුදෙනා අතර සමඟිය සහ සහයෝගය ඇති කිරීමේ අරමුණින් යුද හමුදාපතිතුමාගේ යෝජනාවකට අනුව දමිළ ආධුනික සෙබළුන් 11 දෙනා හට මෙහිදී සිංහල භාෂාව ද උගන්වන ලදී. මෙහි සියලු කටයුතු අධීක්ෂණය කරන ලද්දේ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසිනි.
NDH/army.lk