හරීන් ප්‍රනාන්දු මහතා මීට පෙර බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කළේය.
ඌව පළාත් සභාවේ බලය පළාත් සභා මැතිවරණයේදී එ.ජ.නි.සන්ධානයට හිමි වූ නමුත් පසුගිය දා පැවති ජනාධිපතිවරණයේදී එ.ජ.නි.සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමග ඌව පළාත් සභාවේ එ.ජ.නි.සන්ධාන මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු හා එ.ජා.පක්ෂය අතහැර එ.ජ.නි.සන්ධානයට එක්වූ එ.ජා.පක්ෂ පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටියආරච්චි මහතාද නැවත එ.ජා.පක්ෂයට සහයෝගය දීමට පැමීණීම නිසා එ.ජා.පක්ෂයට ඌව පළාත් සභාවේ බහුතරය හිමිවීමත් සමග හරීන් ප්‍රනාන්දු මහතාට මහඇමති ධූරය හිමි විය.
MAP/SH_dmu_badulla