නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවීය සහයෝගීතා වර්ධනයට උනන්දු වෙයි

    ජනවාරි 22, 2015
    ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුස්මි කුරේෂි (Qasim Qureshi ) මහතා හා ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ දී හමු වූහ.
    විවිධ මාවත් ඔස්සේ දෙරට අතර පවතින සියලු ම ද්විපාර්ශවීය සබඳතා ස්ථාවරව තවදුරටත් ගොඩනඟා ගැනීමටත් ද්වීපාර්ශවීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමටත් රාජ්‍ය තාන්ත්‍රිකයා හා අමාත්‍යවරයා අතර එහිදී සාකච්ඡාවට ලක් විය.
     
     
    මහ කොමසාරිස්වරයා විසින් ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ පකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ උපදේශක සර්තාජ් අසීස් (Sartaj Aziz) මහතා එවන ලද පණිවිඩයක් ද අමාත්‍යවරයාට දන්වන ලදී.
     
     
    මංගල සමරවීර අමාත්‍යවරයා ද පකිස්තානය විසින් මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාව වෙත දැක් වූ නිරන්තර විශ්වාසවන්ත සහයෝගය පිළිබඳ ව හෘදයාංගම ස්තූතිය පළ කර අතර ශ්‍රී ලංකාව ද පකිස්තානය සමඟ අන්‍යෝන්‍ය ඵලදායී සම්බන්ධතාව වර්ධනය කර ගැනීමට බැඳී සිටින බව ප්‍රකාශ කරන ලදී.
     
     
    මහ කොමසාරිස්වරයා සහ අමාත්‍යවරයා දෙරට අතර ද්විපාර්ශවීය ආර්ථික, වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව පුළුල් කර ගැනීමට ද එහිදී සහතික වූහ. ඉදිරියේ දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කිරීමට අපේක්ෂා කරන පකිස්තාන සංචාරයේදී දෙරට අතර පවතින මෙම දීර්ඝ කාලීන සබඳතාව ඉහළ මට්ටමකට ගෙන යාමට ද රාජ්‍ය තාන්ත්‍රිකයා හා අමාත්‍යවරයා එකඟ වූහ.
     
     
    පකිස්තානය විසින් කලාපීය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට යොදවන පරිශ්‍රමය හා ඒ අනුව දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව ඔප් නංවමින් ශක්තිමත් කිරීමට බැඳී කටයුතු කිරීමට පිළිබඳව ද මහ කොමසාරිස්වරයා විසින් අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කරන ලදී.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya