නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් වැඩ භාරගැනීම

    ජනවාරි 13, 2015
    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ කීර්තිමත් නිලධාරියෙකු වන ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඊයේ (12) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය.
     
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශ්‍රාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ඇති සමරතුංග මහතා 1984 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. නව දිල්ලියේ ඉන්ද්‍රප්‍රස්ත්‍රා රාජ්‍ය පරිපාලන ආයතනයෙන් තම ප්‍රථම පශ්චාත් උපාධිය සම්පූර්ණ කළ එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය (MBA)පිළිබඳ පශ්චාත් උපාධිය ද ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ විද්‍යාපති (MSC) පශ්චාත් උපාධිය ද ලබාගෙන තිබේ. ඉන් අනතුරුව ඕස්ට්‍රෙලියාවේ මෙල්බන්හි ලා ට්‍රෝබි විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් වන ආචාර්ය උපාධිය ලබා ඇත.
     
    1984දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ඒ මහතා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය යටතේ වන ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ වසර 20ක් පමණ සේවය කර ඇත. 2005දී රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ සේවයටත් 2007දී වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භක අධ්‍යක්ෂ ජනරාල් වශයෙනුත් කටයුතු කර ඇත්තේ සමරතුංග මහතායි. 2008දී භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙසත් 2010දී පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් කටයුතු කළ මොහු නව තනතුර භාරගන්නා තෙක් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya