නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් අමාත්‍යංශයේ නව ලේකම් වැඩ භාරගැනීම අද

    ජනවාරි 12, 2015
    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ නව ලේකම් ධූරය සඳහා ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පත්කර ඇති අතර ඒ මහතා අද (12) සිය ධූරයේ වැඩ භාර ගත්තේය.
     
     
    ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙන් පුරප්පාඩු වූ මේ ලේකම් ධූරයට පත් කර ඇති සමරතුංග මහතා මීට පෙර ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
     
    සමරතුංග මහතා පේරාදෙණිය සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය ලබා තිබෙන අතර පසුව Wisconsin-Madison හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබා තිබේ.
     
    ඔහු රාජ්‍ය සේවයේ වසර 25ක පමණ පලපුරුද්දක් තිබෙන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya