නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය අධිකාරියක් බවට

    ජනවාරි 12, 2015
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (Construction Industry Development Authority - CIDA) බවට පත් කොට ඇත.
     
    මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලිඛිත ඉදිකිරීම් ප්‍රතිපත්තියක් නොතිබිණි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙහෙයවීම් කටයුතු භාරව පවතින එකම රාජ්‍ය ආයතනය වන්නේ ICTAD ආයතනය පමණි.
     
    වර්තමානයේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රය අත්පත් කරගෙන තිබෙන 22.5%ක සුවිශේෂ වර්ධන වේගය හමුවේ විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මඟපෙන්වීම, ප්‍රතිපත්ති සකස් කිරීම, මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු ඉටුකර ගැනීම සඳහා ICTAD ආයතනය සිදු කළ භූමිකාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත පනතේ විධිවිධාන අනුව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පිහිටුවීමට නියමිතය.
     
    වසර 18ක් මුළුල්ලේ සම්මත කිරීමට උත්සාහ දැරූ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත පසුගිය වසරේ සැප්තැම්බර් 23දා පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya