නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති බැසිල් ගම්පහ ඡන්දපොළ නිරීක්‍ෂණයේ

    ජනවාරි 08, 2015

    ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත‍්‍රික් මැතිවරණ කටයුතු ඉතා සාමකාමීව පැවති අතර දිස්ත‍්‍රික්කයේ ආසන 13 ක ඡන්ද පොළවල් 50කට ආසන්න ප‍්‍රමාණයක් නිරීක්‍ෂණය කිරීමට ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගම්පහ දිස්ත‍්‍රික් බලයලත් නියෝජිත සහ ශ‍්‍රී.ල.නි.ප. ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා  ජනවාරි 8වන දින සංචාරයක  නිරත විය.

    ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාව ඡන්දය ප‍්‍රකාශ කිරීමට දැඩි උනන්දුවකින් සහභාගී වී සිටි අතර මැතිවරණය ඉතාම සාමකාමීව පැවැත්වෙන බවත් ඉකුත් ඡන්දයට වඩා විශාල ප‍්‍රතිශතයකින් ඡන්දය ප‍්‍රකාශ කිරීම සිදුවන බවත් බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී පැවසීය.

    ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයන් දහසය ලක්‍ෂ තිස්හත් දහස් පන්සිය තිස් අට දෙනෙකු (1,637,538) මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාඇත. ඉකුත් ඡන්දයට වඩා මෙවර ලියාපදිංචි වී ඇති ඡන්ද සංඛ්‍යාව 47,462 කි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya