නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 4ක දී

    ජනවාරි 08, 2015
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 4ක දී සිදු කිරීමට නියමිතය. ඒ අනුව කුරුණෑගල කාර්මික විද්‍යාලය, මලියදේව පිරිමි විද්‍යාලය, මලියදේව බාලිකා විද්‍යාලය සහ සර්. ජෝන් කොතලාවල විද්‍යාල යන මධ්‍යස්ථානවල ශාලා 139ක දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම සිදු කෙරේ.
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ප.ව. 04.00ටත් සෙසු ඡන්ද ගණන් කිරීම ප.ව. 07.00ටත් ආරම්භ වූ බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ප්‍රකාශ කළේය.
     
    දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 934ක දී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කළ අතර ජනතාව ඉතා උනන්දුවෙන් සිය ඡන්දය භාවිත කළ අයුරු පෙනෙන්නට තිබූ බවත් අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය.
     
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 77 ඉක්මවා ඇති බවත් ඡන්දය ප්‍රකාශ කිරීම හා පශ්චාත් මැතිවරණ සමය ද සාමාකාමී බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya