දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 134කදී ඡන්ද විමසීම් කටයුතු සිදු කෙරෙන අතර ජනතාව ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිතා කරනු දක්නට ලැබුණු බව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
මෙම ඡනාධිපතිවරණය සඳහා 109705 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට වවුනියා දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා තිබුණි.
දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 925 රාජකාරියේ යොදවා ඇති ඇතැයි වවුනියා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතා පවසයි. මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් 2500 ආසන්න පිරිසක් යොදවා ඇත.
වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලයෙන් හා පශ්චාත් කාල සීමාව තුළ මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා වී නොමැති අතර ඉතාමත් සාමකාමී මැතිවරණයක් පැවැති බව වවුනියා දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
SDF