නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් මැතිවරණ නිරීක්ෂකයෝ උතුරට පැමිණෙති

    ජනවාරි 06, 2015
    ඉදිරි ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින විදෙස් නියෝජිතයෝ උතුරු පළාතේ සිය රාජකාරී සඳහා අද (06) පැමිණියහ.
     
    නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා මැතිවරණ කටයුතු නිරීක්ෂණය මොවුන්ගේ රාජකාරිය වන අතර වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පිහිටි තැපැල් ඡන්ද මධ්‍යස්ථානය ද මේ පිරිසගේ නිරීක්ෂණයට ලක් වූහ.
     
    පසුව වව්නියාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී හා දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡාවකට ද විදෙස් නිරීක්ෂක කණ්ඩායම එක් විය. ඉදිරි දින කිහිපය තුළ මේ කණ්ඩායම වව්නියාවේ රැඳී සිටිනු ඇත.
     
    දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/CU-dmu vavuniya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya