කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 1,266,443කි. මේ අතුරින් තැපැල් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 66,957කි.
ඡන්ද මධ්‍යස්ථාන 934ක දී ඡන්දය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා රජයේ නිලධාරීන් 15,000ක් පමණ මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇත.
කුරුණෑගල කාර්මික විද්‍යාලය, මලියදේව බාලිකා විද්‍යාලය, මලියදේව පිරිමි විද්‍යාලය හා ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ඇති අතර මේ මධ්‍යස්ථාන තුළ ස්ථාන 40ක දී තැපැල් ඡන්ද ගණන් කිරීමට ද ස්ථාන 139ක දී සෙසු ඡන්ද ගණන් කිරීමට ද යොදා ගන්නා බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
NDH/AK-dmu kurunegala