නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා සාමාජිකයන් සහ මහජනතාව සඳහා කල්කුඩා හි නව ‘Laya Waves’ හෝටලය විවෘත කරයි

    ජනවාරි 06, 2015
    යුද හමුදාවේ තවත් එක් ව්‍යාපෘතියක් වන ලායා හෝටල් දාමයෙහි පුරුකක් ලෙස ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙබළුන් විසින් කල්කුඩා හි ඉදිකරන ලද  ‘Laya Waves’   නමින් වූ නව හෝටලය ඊයේ (05) යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා විසින් විවෘත කරන ලදී.  
     
    නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයන්ට අනුව සැකසූ කබානා 08කින් සමන්විත මෙය සුඛෝපභෝගී තනි සහ පවුල් කාමර ලෙස සුන්දර කල්කුඩා වෙරළ තීරයට මුහුණලා ඉදිකර ඇත.
     
    යුද හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකරනු ලබන සුබසාධක කටයුතු තවත් ඉදිරියට ගෙනයමින් යුද හමුදා සාමාජිකයන් හට ඉතා සහනදායි මිල ගණන් යටතේ මෙම පහසුකම් භුක්තිවිඳීමට මේ මඟින් අවස්ථාව උදාකර දී ඇත.
     
    දැනට මෙම ලායා හෝටෙල් දාමය යටතේ ලායා බීච්, ලායා සෆාරි, ලායා ලෙසර් නමින්  වාද්දූව, යාල සහ කුකුලේ ගඟ යන ප්‍රදේශයන් හි නවීන පහසුකම් සහිත හෝටල් ඉදිකර ඇත.
     
    ‘Laya Waves’ පිළිබඳ ව වැඩි විස්තර 065-2050500 හෝ 011- 3133437 යන දුරකතන අංක මඟින් ලබා ගත හැක.
     
    මෙම අවස්ථාව සඳහා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya