සියලු නවීන ව්‍යායාම උපකරණවලින් යුක්ත වන මෙම ශරීර සුවතා මධ්‍යස්ථානය ඉදිකිරීමට හා ව්‍යායාම උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් එක්කෝටි තිස්පන් ලක‍්ෂ තිස්හයදස් පන්සිය හතලිස් පහක් (රු. 13,536,545.00) වැය කොට ඇත.
මෙම මධ්‍යස්ථානය විවෘත කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, වත්මන් රජය ජනතාවගේ සියලු අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවත් රාජ්‍ය සේවයට අහිමි ව තිබූ මෙවැනි ශරීර සුවතා මධ්‍යස්ථාන ඉදිකරමින් නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම වත්මන් ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ පැතුම බවත් එම නිසා මෙම මධ්‍යස්ථානය ප්‍රයෝජනයට ගෙන ඒ තුළින් ලබා ගත හැකි උපරිම සේවය ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමා ඇතුළු සියලු ම නිලධාරීහු හා සේවක සේවිකාවෝ සහභාගී වූහ.
NDH