අද යාපනය දුම්රිය ස්ථානය සිට කිලෝ මීටර් 18ක් දුරින් පිහිටි කන්කසන්තුරේ දක්වා ප්‍රථම දුම්රිය ගමන ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම ජයන්ත, ඩග්ලස් දේවානන්දා මහත්වරුන්ගේ ද උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
ත්‍රසතවාදීන් විසින් විනාශ කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දීය රජය සහයෝගය ලබාදෙන ලද අතර තාන්ඩිකුලම් සිට කිලිනොච්චිය දක්වා පළමුව ගමන් ආරම්භ කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. අනතුරු ව 2014 මාර්තු 04 වෙනිදා පලෙයි දක්වා දුම්රිය ගමන් ආරම්භ විය.
2014 ඔක්තෝබර් 13 වැනිදා යාල් දේවී දුම්රිය යාපනය දක්වා ගමන් කළේ පලෙයි දුම්රිය ස්ථානයෙන් යාපනය දක්වා ගමන් කිරීමට ප්‍රථම ප්‍රවේශපත්‍රය මිල දී ගෙන එහි ගමන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා සහ මැතිඇමතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙනි.
උතුරු දුම්රිය මාර්ගයේ පිහිටා ඇති අවසන් දුම්රිය ස්ථානය වන කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට කොළඹ කොටුව සිට දුර කි.මී. 410ක් වන අතර එය එම මාර්ගයේ ඇති 57 වන දුම්රිය ස්ථානයයි. යාපනය සිට දුම්රිය සේවා කන්කසන්තුරය දක්වා 1905 දී දීර්ඝ කර පළමුවරට එහි දුම්රිය ස්ථානයක් විවෘත කර තිබේ.
නව දුම්රිය ස්ථානය වේදිකා දෙකකින් සමන්විතය. අද කන්කසන්තුරය දක්වා දුම්රියක් ගමන් කළේ වසර 25කට පසුවය. යාල් දේවී දුම්රිය පෙරවරු 5.10ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන අතර හෙට (03) සිට දුම්රිය මගීන්ට කන්කසන්තුරය දක්වා ම ගමන්කළ හැකි වේ. උතුරු දුම්රිය මාර්ගය යාපනය දක්වා දීර්ඝ කිරීමෙන් පසු ව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් මිලියන 50කින් ඉහළ ගොස් තිබේ.
ඉන්දීය රජය විසින් ලබා දෙන ලද සහනදායි ණය යටතේ උතුරු දුම්රිය මාර්ගය පිළිසකර කර තිබේ.
PS/dmu_jaffna