නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර නිසා පොලොන්නරුවේ 27,260ක් පීඩාවට

    දෙසැම්බර් 29, 2014

    දිවයිනට බලපවත්නා අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇති ව තිබෙන ගංවතුර හා ජල ගැලීම්වලින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 124ක, පවුල් 7,212ක සාමාජික සාමාජිකාවන් 27,260 දෙනෙකු ඊයේ (28) පස්වරු 3.00 වනවිට ආපදාවලට ලක් ව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ජී.කේ.යූ.එස්.කේ. නානායක්කාර මහතා පවසයි.

    මෙසේ ආපදාවට ලක්ව ඇත්තේ තමන්කඩුව, දිඹුලාගල, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ හා ඇලහැර ප්‍රාදේශීය කොට්ඨාසවල පදිංචිකරුවන්ය.

     

    මේ අතර දිස්ත්‍රික්කයේ නිවාස 94ක් පූර්ණ වශයෙන් හානියට පත් ව ඇති අතර නිවාස 701කට අර්ධ හානි සිදු ව තිබේ. ඊයේ පස්වරු 3.00 වනවිට කඳවුරු 47ක පවුල් 4,035ක 19,519 දෙනෙකුට නවාතැන් සලසා දී තිබේ.

     

    පීඩාවට පත් සියලුම ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සහන කටයුතු කඩිනමින් සිදු කරන බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයට පැවසීය.

    MAP/ws_dmu_polon

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya