නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන - ජනතාව නැවත නිවෙස් කරා

    දෙසැම්බර් 29, 2014

    අනුරාධපුර දිස්ත්‍රික් පරිපාලනයේ සක්‍රීය මැදිහත් වීම මත අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට හැකි වු බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසසයි.

    ක්‍රමවත් කඩිනම් ක්‍රියාමාර්ග හමුවේ ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාව නැවත නිවෙස් කරා යාමට පටන්ගෙන තිබේ. අසු හතරක් ව පැවති ආරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව දැන් 47 දක්වා පහළ ගොස් ඇත. ගංවතුරින් හානි වු නිවාස පිරිසිදු කිරීම සඳහා යුධ හමුදාව ස්වේච්ඡාවෙන් මැදිහත් වී සිටී. ආපදා අවස්ථාවක දි ඔවුන්ට ලබා දිය හැකි ඉහළම දායකත්වය ලබාදීම ඇගයිය යුතුය.

     

    සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත පිසූ ආහාර සැපයීම හා අනෙකුත් පහසුකම් ලබාදීම ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ මැදිහත්වීමෙන් අඛණ්ඩව සිදුකෙරේ. පිසූ ආහාර හා වියළි සලාක සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 25කි. යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 30ක් වෙන්කර තිබේ. හානි වු නිවාස සඳහා වන්දි ලබාදීමට අවශ්‍ය කටයුතු ද සම්පාදනය කරමින් සිටින බව  සෙනවිරත්න මහතා පවසීය.

     

    ආරක්ෂිත මධ්‍යස්ථාන සඳහා බ්ලැන්කට්, ඇඳ ඇතිරිලි, මදුරු දැල් හාරදහස බැගින් බෙදා දී තිබේ. ලබාදි ඇති පැදුරු සංඛ්‍යාව 7000කි.

     

    විපතට පත් ජනතාවට ඔවුන්ගේ ජීවන අවශ්‍යතා තව දුරටත් ඉහළ මට්ටමකින් ලබාදීම සඳහා දායකත්වය ලබාදෙන ලෙස  සෙනවිරත්න මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි. ඒ සඳහා 071-8025181, 077-3957881, 071- 8025266 හා 025-2222235 යන දූරකතන අංක ඔස්සේ අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය සමග සම්බන්ධ විය හැකිය.

     

    SB/dmu_anuradhapura

    anuradhapura flood

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya