බස්නාහිර පළාතේ ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයෙන් එක් මරණයක් වාර්තා වේ. පළාතේ නිවාස 13ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර 14කට අර්ධ හානි සිදුව තිබේ.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දැඩි වර්ෂාව නිසා මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 43ක 278 දෙනෙක් ද ගංවතුර නිසා මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2ක 10 දෙනෙක් ද කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 370ක 1538 දෙනෙක් ද දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 123ක 526 දෙනෙක් ද ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 12ක 55 දෙනෙක් ද ඇතුළුව පවුල් 550ක 2407 දෙනෙක් ආපදාවට පත් ව සිටිති.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර නිසා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 360ක 2000 දෙනෙක් ද කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25ක 125 දෙනෙක් ද ඇතුළුව පවුල් 385ක 2125 දෙනෙක් ආපදාවට පත් ව සිටිති.