නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව පළාතේ 1493 දෙනෙකු විපතට - ආරක්ෂිත මධ්‍යස්ථානවල 70ක්

    දෙසැම්බර් 28, 2014

    අද (28) පස්වරු 6.00 වනවිට පවතින අයහපත් කාලගුණය නිසා ඇති වූ නායයෑම්, දැඩි වර්ෂාව, ගංවතුර හා නායයෑමේ අවදානම නිසා සබරගමුව පළාතේ පවුල් 379ක පුද්ගලයින් 1493 දෙනෙකු ආපදාවට ලක් ව ඇත. ආරක්ෂිත මධ්‍යස්ථාන 3ක රඳවා ඇති පවුල් ගණන 17ක් වන අතර එහි පුද්ගලයින් 70 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    සබරගමුව පළාතෙන් පුද්ගල මරණ වාර්තා නො වේ. නිවාස 15ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර 130කට අර්ධ හානි සිදුව තිබේ.

     

    සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 43ක 155 දෙනෙක් ද රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 93ක 358 දෙනෙක් ද කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30ක 115 දෙනෙක් ද අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 12ක 52දෙනෙක් ද ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 29ක 106 බදෙනෙක් ද මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 71ක 295 දෙනෙක් ද බුලත්කොහු පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 14ක 53 දෙනෙක් ද යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3ක 10 දෙනෙක් ද වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 84ක 349 දෙනෙක් ද ඇතුළුව පවුල් 379ක 1493 දෙනෙක් ආපදාවට පත් ව සිටිති.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya